SL vlog එක ගැන රටේ ඇතිවෙලා තියෙන සංවාදයට මමත් යමක් එකතු කරන්න හිතුවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු 2ක් තියෙනව. ඉන් පළමුවැන්න මම SL Vlog නාලිකාවත් සමග වැඩසටහන්වලට සහභාගි වෙලා තිබීම. දෙවැන්න රටේ පුරවැසියෙක් හැටියට මොකක්ද මේ SL Vlog කියන්නෙ කියන උභතෝකෝටිකයෙන් මමත් සිටීම.
ඕනම කෙනෙක්ට නෛතික රාමුන්ට යටත්ව ඕනම දෙයක් කිරීමේ පරම අයිතියක් තියෙනව. ඒ වගේම ඒ කරන දේවල් ගැන බලන් ඉන්න අයට ප්‍රශ්ණ කිරීමේ අයිතියත් තියෙනව.
SL Vlog කියන්නේ පහුගිය කාලේ එහෙම ප්‍රශ්න ගණනාවක් ඇති කරපු, එහෙත් උත්තර නොදීපූ ප්‍රොජෙක්ට් එකක්. SL vlog මගින් වේදිකාවට කැඳවපු චරිතයක් වෙන මංජු කියන්නේ කවුද? මේ සා විශාල ආයෝජනයක් කරන්න ඔහුගේ ආදායම් ඉපයීමේ මාර්ගය වුණේ මොකක්ද? හම්බ කරගත් සියලුම ධනය රටේ ප්‍රශ්න කතා කරන තැනක් හදලා ආදායම් මාර්ගයක් නැතුව ජීවත් වෙන්න මේ අනේපිඬු සිටාණොද?
අපි රාජපක්ෂල, වික්‍රමසිංහලා කරන කියන දේවල් තඹ දොයිතුවකට අනුමත කරන්නෙ නැත. ඒත් ඒ උදවිය ඒ අයගේ වටේට ඉන්න පිරිස එක්ක එකට කෑවත් බොක්ක වෙනස් තියරිය දාන්නෙ නැති බව අප පිළිගත යුතුය.
ලංසගෙ ගෙදර කුඩු තිබ්බම මහින්ද හෙලිකොප්ටර් එකේ ගොස් බදාගෙන සපෝර්ට් එකක් දුන්නේය. සිරිකොත පවත්වාගෙන යන්න දරදිය ඇද්ද දයා ගමගේට රනිල් ජනාධිපති වූ සැණින් මිලියන 400ක සපෝර්ට් එකක් දුන්නේය.
ඒත් දැන් තමන් ස්පොන්සර්ශිප් එකක් දුන්න වැඩේක පර්ෆෝර්ම් කරපු කෙල්ලෙක් ඇරස්ට් වුණාම මංජු දාපූ ෆේස්බුක් පෝස්ට් එක කොහොමද?
කුමාර් ගුණරත්නම් කියල එක්කෙනෙක් දන්නෙ නැහැ කියල කියූ එකේ අනික් එකය. අනික් නියම විහිළුව නම් එක එක රැඩිකල් කණ්ඩායම්වල යාවජීව සාමාජිකයෝ හැටියට පෙනී ඉන්න අර ගෑණු ළමයගේ යාලුවෝ කවුරුත් ඔව් අපිත් එයා එක්ක ස්ටේජ් නැග්ගා ඔව් අපිටත් ඒකට හිනා ගියා කියල නොකියා දොර මුල්ලට වී බලා සිටීමයි. අඩුම තරමේ එදා එකට පර්ෆෝර්ම් කරපු ටීම් එක කෝ?
දැන් කොකා ඉගිලෙන්න උඩ ගිහින් හමාරය. දැන් කාටකාටත් කොකාගේ පාට පෙනෙන්න පටන් අරන් ඇත. කොළඹ කේන්ද්‍ර කරගත් දේශපාලන උනන්දුව ඇති පිරිසක් SL vlog සහ මංජු නිශ්ශංක දැන සිටියත් ඔවුන් තවම එතරම් ප්‍රසිද්ධ නැති වග අපි හැමෝම පිළිගත යුතුය.
මේ නැති රීච් එක හදාගන්න ගහපු මාර්කටින් වැඩක් ද?
නැත්නම් ඇත්තටම වැරදුණාද?
නැත්නම් කෙහෙල් ගහේ හොට පැටලුණාද?
බලන් ඉමු.
ඒ මොකක් වුණත් SL vlog එක හදන මාර්ගය ඔස්සේ අගමැති වෙන්න ජනාධිපති වෙන්න බලන් හිටපු අයෙක් වේ නම් කණ්ඩායමක් වේනම් කීමට ඇත්තේ.
ඇත්තටම අපරාදේ සල්ලි!!!
නිරූපා සේරසිංහ