විකට නිළි නටාෂා වීරසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳ තමන් මහත් සංවේදී වූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.
කිසිවෙකු වරදක් කොට ඇත්නම් තමන් පෙනී නොසිටින බව ද කාන්තාවක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම වැරදි බවත් ඔහු සඳහන් කරයි.
එහෙත් ත්‍රස්ත විරෝධී පනත සහ ICCPR පනත භාවිත කොට අත්අඩංගුවට ගැනීමට විරුද්ධ බව ද එරාන් වික්‍රමරත්න සඳහන් කළේය.
සමගි ජන බලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.