ආගමික විශ්වාසයන්ට සහ ආගමික ශාස්තෘවරුන්ට අපහාස කිරීම තමන් අනුමත නොකරන බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියනම පවසයි.
ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කොට මේ රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති කොට ඒ ඔස්සේ බලය ලබා ගැනීමට උත්සාහ කරන දේශපාලකයින් සහ ජනමාධ්‍ය සැලසුම් සහගත ලෙස ප්‍රයෝජනයට ගැනීම අතීතයේ සිට ම සිදුව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
සිරිල් ගාමිණී පියනම අවධාරණය කළේ, අද ගොඩනැඟෙන ආගමික භේද ද එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් බව පෙනෙන්නට ඇති බවයි.
බුදු දහමට අපහාස කිරීමට ජාත්‍යන්තරයෙන් මුදල් ලැබෙන බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ හුදු ප්‍රකාශ පමණක් සිදුකර පළක් නැති බවත් ඔහු සතුව යම් සාක්ෂි ඇත්නම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ බුද්ධි අංශ වෙත ලබා දී ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට සත්‍ය අනාවරණය කළ යුතු බවයි, සිරිල් ගාමිණී පියනම සඳහන් කළේ.