ජිම්නාස්ටික් සභාපති ධූරයට දොලවත්ත…!

May 31, 2023 at 9:53 am | by emanisa.lk

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සම්මේලනයේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පත්ව තිබේ.

පසුගියදා (29) අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවැති නිලවරණයෙන් ප්‍රේමනාත් සී. දොලවත්ත වැඩි ඡන්ද 05ක් ලබමින් මෙලෙස සභාපති ධූරයට පත්විය.

ජිම්නාස්ටික් සම්මේලනයේ සභාපති ධූරය සඳහා තරඟ කළ ප්‍රේමනත් සී. දොලවත්ත ඡන්ද 27ක් හා කරුණාදාර පෙරේරා ඡන්ද 22ක් ලබා ගත්හ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, මෛත්‍රීපාල සිරිසේන සහ දුමින්ද දිසානායක මීට පෙර එහි සභාපති ධූරය දරා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *