මහින්ද නැවත ජනාධිපති වීමට එරෙහිව ඩලස්ලා කුමන්ත්‍රණය කළා…! – නාමල්…

May 27, 2023 at 7:50 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව ඔස්සේ නැවත ජනාධිපති වීම වැළැක්වීමට කුමන්ත්‍රණයක් දියත් වූ බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

එවක අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත එකල ආණ්ඩුව නියෝජනය කළ පිරිසක් ලිපියක් යොමු කළ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීමට පෙර 2/3 ජනවරමකින් පත් වූ අගමැතිවරයා ඉවත් කිරීම සඳහා එම පිරිස කටයුතු කළේ එසේ නොකොට ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් වූයේ නම් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව ඔස්සේ නැවත ජනාධිපති ධූරයට පත්වන නිසා බවයි, නාමල් රාජපක්ෂ සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හක්මන ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *