මගේ ප්‍රකාශය නිසි ලෙස තේරුම් අරන් නෑ…! අත්අඩංගුවට ගත්තොත් මූලික අයිතීන් කැඩෙනවා…! දේවගැති ජෙරම්…

May 27, 2023 at 8:35 am | by emanisa.lk

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ආගමික සහජීවනයට හානිවන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති දේවගැති ෆෙඩ්රික් ක්‍රිස්ටෝෆර් ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ නාමල් කරුණාරත්න, නීතිඥ උදාර මොහින්දරම්ගේ විසින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. කේ. සේනාරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා,පොලිස්පතිවරයා හා නීතිපතිවරයා නම් කර ඇත.

තමා විසින් කිසිදු ආකාරයකින් රටට හානි වන ලෙස ප්‍රකාශයක් නොකළ බවත්, තමා කළ ප්‍රකාශය නිසි ලෙස වටහා නොගෙන කර ඇති ප්‍රකාශ අනුව තමා අත්අඩංගුවට ගතහොත් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස