ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2021 වසරේ පාඩුව රු. මිලියන 3059ක් බව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙළි විය.
එහිදී හෙළිව ඇත්තේ 8 ශ්‍රේණිය සමත් පුද්ගලයන් ද ඩිපෝ කළමනාකරුවන් බවට පත්ව ඇති බව ය. දැනට 26,561ක සමස්ත සේවක පිරිසක් සිටිය ද රියැදුරු කොන්දොස්තර පුරප්පාඩු 800ක් පවතින බවත් මෙහිදී අනාවරණය විය.
එමෙන් ම රියැදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800ක් ඇති බවත් විෂමාචාර ක්‍රියා සඳහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් 500ක සංඛ්‍යාවකට වැටුප් ගෙවීම ගැටලුවක් බවත් අනාවරණය වේ.
එසේ ම, 2021 වසරේ කොවිඩ් අර්බුදය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලය රු. මිලියන 3059ක් අලාභ ලැබුව ද 2022 වසරේ මණ්ඩලය රු. මි. 485ක ලාභයක් වාර්තා කළ බව ද මෙහිදී නිලධාරීහු පැවසූහ.
ආයතනයේ වැටුප් තල ඉතා පහළ අගයක් ගැනීම නව බඳවා ගැනීම්වලට විශාල ගැටලුවක් බව නිලධාරීන් පෙන්වා දුන් අතර වැටුප් සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට ලක්විය යුතු කරුණු දැනුම් දෙන ලෙස කාරක සභා සභාපති නාලක කෝට්ටේගොඩ නියෝග කළේ ය.