සමස්ත උද්ධමනය 33%ට බසී…! ආහාර උද්ධමනය 27%යි…!

May 22, 2023 at 5:29 pm | by emanisa.lk

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2%ක් වූ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහි දී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා පහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී 54.9% සිට 2023 අප්‍රේල් මාසයේ දී 39.0% ක් දක්වා අඩු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස