උමා ඔය විදුලි බලාගාරයේ පළමු කොටසේ ඉදිකිරීම් ලබන අගෝස්තු මාස ද, දෙවැනි කොටසේ ඉදිරිකිරීම් ලබන සැප්තැම්බර් මාස ද අවසන් කර ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් ආයතනය ඒ පිළිබඳව දැනුම්වත් කළ බව කී අමාත්‍ය විජේසේකර සඳහන් කරයි.
එම ව්‍යාපෘතිය යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 ක් එකතු වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.