එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයට අප රටට ලැබීමට තිබූ වන්දි මුදල වැළැක්වීම සඳහා ලබාගත් බව කියන අල්ලස් මුදල වාර්ෂිකව අයවැයෙන් සෞඛ්‍යයට වෙන් කරන මුදල් ප්‍රමාණයට සමාන යැයි නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් විපත පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා නොදීමට ආණ්ඩුව විවිධ උත්සාහයන් සහ උපක්‍රම යෙදූ බවත්, විපක්‍ෂයේ බලපෑම නිසා අකැමැත්තෙන් හෝ ආණ්ඩුවට පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීමට සිදු වූ බවත් ඊයේ (15) පැවැති නිදහස් ජනතා සභාවේ මාධ්‍ය හමුවක දී හෙතෙම ප්‍රකාශ කළේය.
ප්‍රතිත්‍රස්ත පනත හා මහ බැංකු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ විපක්‍ෂයේ සෘජු බලපෑම නිසා බව ද කොළඹ නගරය දැන් මිලිටරි නගරයක් බවට පත්වී ඇති බව ද පැවසූ ජී. එල්. පීරිස්, නැඟී එන මහජන මතය මර්දනය කිරීමට ආණ්ඩුව නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නා බව ද කියා සිටියේය.
වත්මන් පාලනය යටතේ රටේ කොහෙත්ම ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවත්, රජය හා ජනතාව අතර තිබිය යුත්තේ අන්‍යොන්‍ය සම්බන්ධතාවක් බවත් මහාචාර්ය පීරිස් වැඩි දුරටත් පැවසීය.