ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්‍රිලියන 1.4 ක මුදලට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට-ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න පිළිබඳව සිතිය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටින අතර රටේ බදු ගෙවන ජනතාවගේ මුළු ආදායමෙන් 76%ක් වැය වන්නේ මේ ලක්ෂ 17 නඩත්තු කිරීමට බව රවී කරුණානායක කීය.
එසේ ම ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් එයාර් සහ ජාල සම්පාදන මණ්ඩලය ගෙවුණු අවුරුදු හතර ඇතුළත රුපියල් බිලියන 1350ක අලාභයක් ලබා තිබෙන බව සඳහන් කළේය.
මෙි මුදල් ඉතුරු කළා නම් ගෙවල් ලක්ෂ 12ක් හදන්න තිබූ බවද එමෙන්ම රටේ සෑම පුද්ගලයකුටම රුපියල් 178000ක් ඉතුරු කර ගැනීමට තිබූ බව ද හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.