පාලන මිලටත් අඩුවෙන් බිත්තර…!

May 11, 2023 at 9:47 am | by emanisa.lk

බිත්තර සඳහා නියම කර තිබෙන පාලන මිලට වඩා අඩුවෙන් බිත්තර මිල දී ගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති ආර්.එම්. සරත් රත්නායක පැවසුවේ සුදු බිත්තරයක් රුපියල් 40ක සහ දුඹුරු බිත්තරයක් රුපියල් 41ක තොග මිලට ගොවිපළෙන් වෙළඳුන්ට ලබාදෙන බවයි.

ඒ අනුව රුපියල් 44 සහ 45ක මිලකට ආර්ථික මධ්‍යස්ථානවලින් සහ ඇතැම් වෙළෙඳසැල්වලින් බිත්තර මිල දී ගත හැකි බව වැඩිදුරටත් අදහස් දක්වමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස