ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය ප්රමුඛ සන්ධාන ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ (08) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී සමගි ජනබලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණි.
එහිදී කිසිදු කරුණක් සම්බන්ධයෙන් රජය සමඟ එක්ව කටයුතු කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකිරීමට පක්ෂය තීරණය කළ බව නලින් බණ්ඩාර සඳහන් කළේය.
එහි දී සමගි ජනබලවේගය පක්ෂයේ හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ඩයනා ගමගේ සහ ඒ.එච්.එම් ෆවුසි යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී සාකච්ඡා කොට ඇති අතර ෆවුසිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ද තීරණය කොට ඇත.