ඇමැතිකම් ඉල්ලා වැඳ වැටෙන්නේ නෑ…! පොහොට්ටුව දැඩි තීන්දුවක…!

May 7, 2023 at 2:08 pm | by emanisa.lk

ඇමැති ධූර දිගින් දිගට ම ඉල්ලා ජනාධිපතිවරයාට ඇවිටිලි නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි තීරණයක් ගෙන ඇත.

ජනාධිපතිවරයා ඇමැති ධූර දුන්නත් නැතත් පක්ෂයේ කටයුතු ශක්ති සම්පන්නව ඉදිරියට ගෙන යෑමට කටයුතු කිරීමට ද පක්ෂ තීන්දු කර තිබේ.

කැබිනට් ඇමැති ධූර 10 ක් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් මෙයට පෙර ලිඛිතව ඉල්ලීම් කර තිබුණත් ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇමැති ධූර ලබාදීම ප්‍රමාද කරමින් සිටින බව පක්ෂයේ මතය වී තිබේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ඇමැති ධූර ලබාදීම ප්‍රමාද කිරීම පිටුපස වෙනත් යටි අරමුණක් ඇති බව ද පක්ෂය තුළ සාකච්ඡා වී තිබේ. පොදුජන පෙරමුණට ඇමැති ධූර ලබා නොදුන්න ද මේ වන විට එජාප ප්‍රබලයින් ආණ්ඩුකාර ධූර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස