වෙසක් මහෝත්සවයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අදාළ සන්දේශයක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙළට අනුව දහම් පාසල් නොයන දරුවන් හඳුනාගෙන ඔවුන් දහම් පාසල් වෙත යොමු කිරීමට ද අවධානය යොමුව ඇත.
පුද්ගලයන් තුළ ඉවසීම, හික්මීම, නොමැතිකම ආගම දහමට ළැදියාව අඩුවීම නිසා සමාජයේ ඇති වී තිබෙන නොයකුත් විෂමතා අවම කර යහපැවැත්මෙන් යුත් සමාජයක් බිහි කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වී ඇත.
මෙම වැඩපිළිවෙළට සමගාමීව දහම් පාසල් ගුරුවරුන්ගේ දැනුම වර්ධනය කිරීමට ද නියමිත අතර එම ගුරුවරුන් මගින් දරුවන්ට බණ භාවනා ඇතුළු දහම් අවබෝධය ලබා දීමට නියමිත ය.
එසේ ම දරුවන් දහම් පාසල් අධ්‍යාපනයෙන් ඈත්වීමට හේතුව කුමක් දඩ යන්න පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත.