හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම නිල නිවස අසල ඊයේ (05) වෙසක් පොහොය නිමිත්තෙන් කඩල දන්සලක් පවත්වා තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින්, පක්ෂ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඒ සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ ද එක්ව සිටීම විශේෂත්වයක් විය.
ඒ විමල් වීරවංශ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත්ව උත්තර ලංකා සභාගය නමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනඟා ඇති පසුබිමකය.