දේශපාලන හේතු නිසා තමන්ටත් ජාත්‍යන්තරව ප්‍රති ප්‍රහාර එල්ල කළ හැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි. ඔහු පවසන්නේ ඩයනා කුමරියට FBI වෙතින් එල්ල කළ ප්‍රහාරය සේ හදිසි අනතුරක් තමන්ටත් එල්ල විය හැකි බවයි.
“අපි මේවා කතා කරන්න ගත්තම ඒ ගොල්ලොත් අපිට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිප්‍රහාරය එනවා, ඒකට මුහුණ දෙන්න වෙනවා, ඒකෙන් බොහොම අනතුරු වෙනවා. CIA එක ලෝකයේ අපි වගේ අයට ගහලා තියෙන මැච් අපි දන්නවා. එක දැනගෙනත් තමයි අපි මේ අවදානම් සහගත පියවර ගන්නේ.
හදිසි අනතුරකින් මැරෙන්න පුළුවන්. වාහන ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ලෝකයේ එහෙම වෙලා තියෙනවා. එක ඔප්පු කරන්න බැහැ. අනතුරක් වෙන්න පුළුවන්.
ඩයනා මැරුවේ කොහොමද? ඩයනා කුමාරි.. හදිසි අනතුරක් වුණානේ. එක දැන් ලෝකේ හෙළිවෙලා තියෙනවනේ කව්ද කළේ කියලා; FBI එක කළේ කියලා. ඇයට මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙක් එක්ක සම්බන්ධකමක් තිබ්බා. එතකොට ඉතින් ඒ ගොල්ලෝ ඒ තීරණය ගත්තා.” යැයි විමල් වීරවංශ ප්‍රකාශ කළේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහනකට එකතු වෙමිනි.