මාස 09ට වෛද්‍යවරුන් 350ක් රටින් පනී…! 50ක් අසාධු ලේඛනගත කර අවසන්..!

May 5, 2023 at 12:51 pm | by emanisa.lk

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගත වූ මාස නවයේ දී නොදන්වා වෛද්‍යවරුන් 350ක් පමණ විදේශගත වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාරක සේවා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි.

ලංකාව තුළ සේවය කිරීමට අවශ්‍ය ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙන විශේෂඥ වෛද්‍යවරුන් ගණන 2,837ක් ද, වෛද්‍යවරුන් ගණන 23,000කට ආසන්න බව ද හෙතෙම කීය. විශේෂඥ වෛද්‍යවරුන් 50 දෙනෙකු ද සාමාන්‍ය වෛද්‍යවරුන් 250කට ආසන්න සංඛ්‍යාවක් ද හොර රහසේ රටින් පිටව ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය.

මේ වන විට රෝගී සත්කාරක සේවා පවත්වා ගෙන යාමට බාධාවක් වන ආකාරයෙන් නොදන්වා සේවය අතහැර ගිය සියලු දෙනාට සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර ඇති අතර වෛද්‍යවරුන් 50 දෙනෙක් පමණ අසාදු ලේඛන ගත කර අදාළ රටවල් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බව ද වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස