ලෝකයේ හොඳ ම කජු තියෙන්නෙ ලංකාවේ…! – බෙල්ලන්විල ධම්මරතන නාහිමි….

May 4, 2023 at 3:09 pm | by emanisa.lk

වියට්නාමය, ඉන්දියාව, කාම්බෝජය ආදී ලෝකයේ කජු නිෂ්පාදනය කරන රටවල් අතරින් රසයෙන් , ගුණයෙන් හොඳම කජු තිබෙන්නෙ ලංකාවේ බවත් ලංකාවේ හොඳම කජු තිබෙන්නෙ ශ්‍රී ලංකා කජු සංස්ථාවේ බවත් බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එලෙස අදහස් පලකලේ ශ්‍රී ලංකා කජු සංස්ථාවේ 50 වෙනි සංවත්සරයට සමගාමීව ගරුතර මහා සංඝරත්නය විෂයෙහි ( මැයි 2 ) දහවල් රාජගිරිය කජු සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවති සාංඝික දානමය පින්කමට වැඩවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකල උන්වහන්සේ මෙරට කජු නිෂ්පාදනයන් ප්‍රචාරන ක්‍රමවේදයන් හරහා තවදුරටත් ලෝකයට ගෙනයමින් කජු ආශ්‍රිත අපනයන ආදායම වැඩිකරගත යුතු බවත් එය මෙරට විදේශ විනිමය ආදායම් වැඩිකරගැනීමට හොඳ අවස්ථාවක් බවත් පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස