මහින්ද හිටියා නම් අරගල නෑ..! ඔහු ජූලි චන්ගේ ලනු කන්නෙත් නෑ..! – විමල්…

May 2, 2023 at 5:46 pm | by emanisa.lk

නාමල් රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් කිරීමට ශක්‍රයාටවත් නොහැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

මහින්ද රාජපක්ෂ ගම් කුකුළෙකු බව පවසන විමල් වීරවංශ සඳහන් කළේ නාමල් රාජපක්ෂ බෝයිලර් කුකුළෙකු බවයි.

අරගලය අවස්ථාවේ ජනාධිපති ධූරය දැරුවේ මහින්ද නම් ඔහු බොහෝ විට එය කළමනාකරණය කර ගැනීමට ඉඩතිබූ බවත් ආර්ථිකය බිඳ වැටෙන්නට ඉඩ නොදෙනු ඇති බවත් හිටපු ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු ඇමරිකානු තානාපතිවරියගේ ගැටවලට හෝ යාඥාවලට නොරැවටෙනු ඇති බවත් විමල් වීරවංශ වැඩි දුරටත් ප්‍රකාශ කළේ හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස