පැය 12ක් කළුවරේ හිටියත් ගසාකෑම්වල සීමාවක් නෑ…! නීතියට පිටින් විදුලි සේවකයින්ට කෝටි 367ක දීමනා…!

May 1, 2023 at 6:23 pm | by emanisa.lk

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් කෝටි 367 ක මුදලක් 2020 සහ 2021 වර්ෂවල දී අමාත්‍ය මණ්ඩල තීරණ සහ කළමනාකරණ සේවා චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

වාර්තාවක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ රුපියල් කෝටි 154ක මුදලක් කාර්ය මණ්ඩල දීමනා වශයෙන් 2020 වර්ෂයේ දී ද රුපියල් කෝටි 213 ක මුදලක් කාර්ය මණ්ඩල දීමනා වශයෙන් 2021 වර්ෂයේ දී ද මෙලෙස ගෙවනු ලැබ ඇති බවයි.

තව ද විදුලිබල මණ්ඩලයේ සේවකයන් 323 දෙනකු සඳහා අමාත්‍ය මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණවලට පටහැනිව ගෙවා තිබූ දීමනා ඔවුන්ගේ වැටුපෙන් සියයට 65 ඉක්මවා තිබූ බව එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස