මිහිපිට සිටින දැක්මක් ඇති එක ම නායකයා රනිල්…!

May 1, 2023 at 2:38 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය හැමදාම මේ රටේ අභියෝග භාරගෙන අභියෝග ජයගත් බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනතාව ජනාධිපති ධූරය ලබා නොදුන්න ද බංකොලොත් වූ රට භාර ගෙන මාස තුනක් ඇතුළත නිසි මගට ගත් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මේ මිහිපිට ඇති දැක්මක් ඇති එකම දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ බවත් 2048 දියුණු රාජ්‍යයක් ගොඩනැඟීම සිය ඉලක්කය බවත් පාලිත රංගෙබණ්ඩාර අවධාරණය කරයි.

එජාප මැයි දින ජන රැලිය සඳහා එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස