ජවිපෙ මැයි රැලිය මහ පාරට…! පාර වසා වේදිකාවක් ගසයි…!

May 1, 2023 at 2:06 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ මෙවර සිය මැයි රැලිය සඳහා පොලිසිය ලබා දුන් කොළඹ BRC පිටිය වෙනුවට ඒ සඳහා විහාර මහා දේවී උද්‍යානය තෝරා ගෙන තිබේ.

ඒ සඳහා පුරහල සහ විහාරමහා දේවී උද්‍යානය අතර මාර්ගය වසා විශාල වේදිකාවක් ගොඩනඟා ඇත.

මාර්ග අවහිර නොකරන ලෙස පොලිසිය සිදුකළ ඉල්ලීම නොතකා හරිමින් මෙලෙස කටයුතු කර තිබේ. මෙවර ජාතික ජන බලවේගය ලෙස නොව ජනතා විමුක්ති පෙරමුණ ලෙස මැයි දිනය සැමරීමට ද කටයුතු කර තිබේ.

කොළඹ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් කැඳවා මැයි දින ජනහමු සඳහා ක්‍රීඩාපිටි වෙන් කරන අවස්ථාවට ජවිපෙ වෙනුවෙන් පැමිණි සුනිල් හඳුන්නෙත්ති BRC පිටිය ලබා ගැනීමට එකඟ වූ පසුබිමක මෙලෙස සිදුවීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස