රාජ්‍ය ආදායම ඉලක්කය ඉක්මවයි…! මුල් කාර්තුවේ ඩොලර් මිලියන 316ක්…!

May 1, 2023 at 10:14 am | by emanisa.lk

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ පළමු කාර්තුවේ දී ඉලක්කගත ආදායම ඉක්මවා සියයට 105ක ආදායමක් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඉන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව විසින් උපයාගෙන ඇති බවයි, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

“මුළු වර්ෂයේ ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කය අයවැයේ සඳහන් පරිදි ඩොලර් මිලියන 1665යි. 1665න් පළමුවෙනි කාර්තුවට මිලියන 302යි ඔවුන් අපිට හොයලා දෙන්න ඕනේ. ඔවුන් 316ක් හොයලා දීලා තියෙනවා. ඒ කියන්නේ 105%ක් ඔවුන් අපිට හොයලා දීලා තියෙනවා.

අපි සැලකිල්ලට භාජනය විය යුතු අනෙකුත් ආයතන අපි රේගුව බැලුවොත් රේගුවට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ පළමු කාර්තුවේ ආදායමෙන් 89%යි. වැදගත්ම දේ සුරා බදු දෙපාර්තමේන්තුවේ පළමු කාර්තුවේ බැලුවොත් 64%ක තියෙන්නේ.

ඒක අපි විශේෂයෙන් බලනවා. නීත්‍යානුකූල සුරා භාවිතය අඩුවෙලා. අනෙක් පැත්තෙන් නීත්‍යානුකූල නොවන දේ භාවිත වෙනවා. එය සෞඛ්‍ය ප්‍රශ්නයක් මතුකරයි ද අපි සොයා බැලිය යුතුව තියෙනවා. හැබැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ගේ ඉලක්ක ඉක්මවා ගොස් තිබෙනවා.”

ඌරාපොළ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස