බිත්තරයක නිෂ්පාදන වියදම රු. 20යි…! බිත්තරයක් රු. 30ට ජනතාවට දෙන්න පුළුවන්…! – බිත්තර වෙළඳුන්ගේ සංගමය..

April 30, 2023 at 8:58 am | by emanisa.lk

මේ වන විට බිත්තරයක නිෂ්පාදන වියදම රු. 20ක් දක්වා අඩු වී ඇති නිසා බිත්තරයක් රු. 30-35කට ලබා දීමේ හැකියාව ඇතැයි බිත්තර වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් අනුර මාරසිංහ පවසයි.

එහෙත් බිත්තර අධික මිල ගණන් යටතේ අලෙවි කර ගොවියෝ බිත්තරයකින් රු. 30කට අධික ලාභයක් ලබන බවට හෙතෙම චෝදනා කරයි.

“දැන් පාරිභෝගික අධිකාරියෙන් පාලන මිලක් දාලා තිබුණට ගොවියෝ බිත්තර අඩුවට දෙන්නෙ නැහැ. ඒකනෙ වෙළෙඳුන්ට දඩ කන්න වෙලා තියෙන්නේ.

මේ වෙනකොට බිත්තර විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. දැනට බිත්තරයක වියදම රුපියල් 20 කටත් අඩුයි. බිත්තර ප්‍රවාහනය කරන වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටිනවා රුපියල් 35 ට එහායින් බිත්තර මිලදී ගන්න එපා කියලා.

මොකද කුකුළු කෑම, රයිස් පොල්, බඩ ඉරිඟු, සෝයා මේ සියල්ලේම මිල විශාල ලෙසින් අඩු වෙලයි තියෙන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස