හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇමෙරිකාවට පැමිණීම එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තහනම් කළේ හිටපු හමුදාපතිවරයකු සහ රහස් පොලිසියේ පරීක්ෂකවරයකු ලබාදුන් සාක්ෂි මත යයි අනාවරණය වී ඇත.
එම සාක්ෂිකරුවන් කරන්නාගොඩට එරෙහිව රහස් පොලිසියට ද කටඋත්තර දී තිබේ. මේ අතර වසන්ත කරන්නාගොඩට එරෙහිව රහස් පොලිසියට කටඋත්තර දුන් තවත් නාවික නිලධාරියකුට ඔස්ට්‍රේලියානු රජය එරට දේශපාලන රැකවරණ ලබා දී ඇත.
ඇමෙරිකානු රජය පැනවූ මෙම තහනම යුරෝපා රටවල් ද ක්‍රියාත්මක කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ තරුණයන් 11 දෙනා රඳවා සිටි බව කියන තිරිකුණාමල නාවික කඳවුරේ භූගත බංකරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරීන් පරීක්ෂාවට ලක්කර ඇටකටු තොගයක් සොයාගෙන තිබූ අතර එම ඇටකටු සතෙකුගේ බව හෙළි විය.