විමල් කීවේ ඇත්ත….! අරගලේ මෙහෙය වූයේ ජූලි චන්ග් තමයි…! – ලාල්කාන්ත…

April 28, 2023 at 5:24 pm | by emanisa.lk

ගාලු මුවදොර අරගලය මෙහෙය වූයේ ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් බවට කිසිදු සැකයක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඒ පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශය සත්‍යයක් බව ද ඔහු සඳහන් කළේය.

විමල් වීරවංශ අරගලය පිළිබඳ ලියූ පොත එළිදක්වන අවස්ථාවේ සිදුකළ ප්‍රකාශයක් ගැන විමසූ අවස්ථාවේ ලාල්කාන්ත මේ බව කීය.

සියලු අරගල විප්ලවීය සහ අවංක නොවන බවත් ඒ සඳහා හොඳ ම උදාහරණය ගෝල්ෆේස් අරගලය බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ, අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස