1965 සිට ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන බව නිදහස ජනතා සභාවේ සභාපති හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
එම කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 07ක ණය එම ආයතනයෙන් ගෙන ඇති බවත් ඉන් හරි අඩක් ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ පාලන කාලවල බවත් හෙතෙම පෙන්වා දෙයි.
එම ණය මුදල් ගත්තේ පරිභෝජනයට සහ දේශපාලන ව්‍යාපෘති සඳහා මිස රට ගොඩනැඟීම පිණිස නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.
එදා ජනතාකරණය නමින් රාජ්‍ය දේපළ කුණු කොල්ලයට සිය ගජ මිතුරන්ට විකුණා දැමූ රනිල් වික්‍රමසිංහ අද ප්‍රතිව්‍යුහගතකරණය නමින් සිදුකරන්නේ ද එය ම ද යන්න පිළිබඳ තමන්ට සාධාරණ සැකයක් ඇතැයි ඩලස් අලහප්පෙරුම කීය.
එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.