උත්තර ලංකා සභාගයේ දේශපාලන පක්ෂ වෙන වෙනම මැයි දින සැමරුම් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
විමල් වීරංවශ සභාපතිත්වය දරන උත්තර ලංකා සභාගය 2022 සැප්තැම්බර් මස ආරම්භ විය.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, විජය ධරණී ජාතික සභාව සහ යුතුකම ජාතික සංවිධානය ඊට ඇතුළත් විය.
පසුගියදා සිය නවතම කෘතිය එළිදක්වන උත්සව අවස්ථාව අමතමින් විමල් වීරවංශ කියා සිටියේ මෙරට දේශපාලන සන්ධාන පව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කුමන්ත්‍රණකාරී ලෙස බිඳ දමන බවය.