ගෝල්ෆේස් එක පැත්තටවත් නොගිය විමල් වීරවංශ ගෝල්ෆේස් අරගලය පිළිබඳ පොතක් ලිවීම විහිළුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
විමල් වීරවංශ යනු ඕනෑ ම අර්බුදයක් විකිණිය හැකි හොඳ වෙළෙන්දෙකු බවයි, ඔහු ප්රකාශ කළේ.
තමන්ගේ ලිපි ලේඛන ද හොරකම් කොට පොතක් ගැසීම නිසා කොළඹ වානිජ අධිකරණය විමල් වීරවංශට තමන්ට වන්දි ගෙවන ලෙස නියෝග කොට ඇතැයි ද ටිල්වින් සිල්වා සඳහන් කළේය.