හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම තහනම් කර තිබේ.
මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත මෙම පියවර ගත් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
නාවික හමුදාපතිවරයා ලෙස වසන්ත කරන්නාගොඩ කටයුතු කළ කාලයේ දී බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගත් බව ද එම නිවේදනයේ දැක්වෙයි.