විමල්ගේ පොතේ චෝදනා අසත්‍යයයි…! ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කැප වෙනවා…! – ජූලි චන්ග්..

April 27, 2023 at 8:16 am | by emanisa.lk

ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිවරිය මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිනිය පවසන්නේ ප්‍රබන්ධ යැයි සැලකිය යුතු ග්‍රන්ථයක් මගින් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් අසත්‍ය පතුරුවා හැරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවය.

එසේම අමෙරිකාව වසර 75ක ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය වෙනුවෙන් කළ කැප වූ බවත් ඉදිරියට ද එය පවතවා ගෙන යන බවත් සිය ට්විටර් පණිවුඩයෙන් ඇය වැඩි දුරටත් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස