මේ රට සිංහල බෞද්ධ රටක් නෙමෙයි….! – මනෝ ගනේෂන්…

April 23, 2023 at 11:10 am | by emanisa.lk

2019 ජනාධිපතිවරණයෙන් සිදු වූයේ තමන් හැමදාම පරාජය කිරීමට බලාපොරොත්තු වන ජාතිවාදය ජයග්‍රහණය කිරීම යැයි හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

ඒ සඳහා පදනම වැටුණේ ද ප්‍රචාරණ කටයුතු ආරම්භ කළේ ද පාස්කු ප්‍රහාරයට පසුදින බවයි, ඔහු සඳහන් කළේ.

ජාතිවාදය අවසන් කරන තුරු මේ රටට ඉදිරියට යා නොහැකි බව පෙන්වා දුන් මනෝ ගනේෂන්, මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බවත් එය සිංහල දමිළ මුස්ලිම් රටක් බවත් අවධාරණය කළේය.

රැඩිකල් වෙනසක් සඳහා ජාතික ව්‍යාපාරය හයිඩ් පිටියේ පැවැත් වූ ජනහමුකවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස