දෙමළ ගුරුවරු උත්තර පත්‍ර බැලීමෙන් ජාතිවාදය ඇවිස්සෙනවා…! – යල්වෙල පඤ්ඤාසේකර හිමි..

April 22, 2023 at 4:57 pm | by emanisa.lk

දෙමළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ගුරුවරුන් ජාතියක් ලෙස සිතා උසස් පෙළ උත්තර පත්‍ර බැලීම ආරම්භ කර ඇතැයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් යල්වෙල පඤ්ඤාසේකර හිමි පවසයි.

කෙසේ වුව ද මෙය ජාතිවාදය ඇති කොට ජාතීන් අතර ගැටුමක් නිර්මාණය කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් ඇතැයි ද උන් වහන්සේ පෙන්වා දෙයි.

කවර මාධ්‍යයක් මුලින් උත්තර පත්‍ර බැලුව ද ප්‍රතිඵල නිකුත් කිරීමට සිදුවන්නේ එකම දිනයක බව ද යල්වෙල පඤ්ඤාසේකර හිමි වැඩි දුරටත් සඳහන් කළේය.

ආණ්ඩුව මෙවැනි දේශපාලන ගේම් ගැසීමට සූදානම් වුවහොත් අවසානයේ උත්තර පත්‍ර බැලීමට සිදුවන්නේ එස්.බී. දිසානායකට බවයි, එහිමියන් අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස