මගේ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරකයින්ට දඬුවම් දෙනවා..! – සජිත්…

April 22, 2023 at 3:26 pm | by emanisa.lk

වසර 4ක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත්, මේ මොහොත වන විටත්, එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් තිබූ බවත්, එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බවත්, ඒ හේතුවෙන් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශවයන්ට යුක්තිය ඉටු නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු සඳහා ද විවිධ ඇඟිලි ගැසීම් පවතින බවයි.

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ, අන්තර් ජාතික සහයෝගය ඇතිව, දේශීය ස්වාධීන පරීක්ෂණයක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ පාර්ශ්වකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

– Media unit

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස