රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යංශය විසින් අත්හිටුවනු ලැබ තිබියදී ,ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියදුරන් විශාල පිරිසක් බඳවා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
එසේ බඳවා ගැනීම සඳහා නම් දෙක බැගින් එවන ලෙස අදාළ අධිකාරිය අයත් අමාත්‍යාංශය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි ද සඳහන්ය.
එම අධිකාරියේ දැනටද ඉතා විශාල සේවක පිරිසක් අතිරික්ත ව සිටින අතර මේ ආකාරයට අලුතින් සේවකයන් බදවා ගැනීම බරපතල ගැටලුවක් බව එම ආයතනයේ සේවකයෝ සඳහන් කරති.
රට මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල වියදම් දැඩි ලෙස සීමා කර ඇති අතර, ඒවායේ බඳවා ගැනීම් ද මුදල් අමාත්‍යංශය විසින් අත්හිටවනු ලැබ ඇත.