නියඟය දරුණු අතට පත්වීමත්, මේ දිනවල පවතින දැඩි උණුසුමත් සමග දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය 50 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
සාමාන්‍ය දිනවල මෙරට දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය 40 ක් මට්ටමේ පැවතියත් ඊයේ (20) වන විට දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය පනහ දක්වා වැඩිවී තිබිණි. එය ඉතිහාසයේ වැඩි ම දෛනික විදුලි ඉල්ලුම ලෙස ද සැලකෙයි.
මේ වන විට රටේ පවතින විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විදුලිබල මණ්ඩලය සතු සියලු බලාගාර හා පෞද්ගලික බලාගාරවලින්ද විදුලිය මිලදි ගෙන පවතින බව ද එම ඉංජිනේරුවරයා සඳහන් කළේය.
අවස්ථා දෙකකදී විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ විදුලි ඉල්ලුමේ සැලකිය යුතු පහළ යෑමක් සිදුවුවත් මේ වනවිට රටේ විදුලි ඉල්ලුම පෙර පරිදි සාමාන්‍ය අතට පත්වී තිබෙන බව ද හෙතෙම කීය.
ඉදිරි දින කිහිපයේ දී ජල විදුලි නිෂ්පාදනය පහත වැටී විදුලි ඉල්ලුම මෙලෙස පැවතියහොත් විදුලි කප්පාදුවක් කරා යළිත් යෑමට සිදුවන බව ලංවිම ආරංචි මාර්ග පෙන්වා දෙයි.