යන්ත්‍ර සූත්‍රවලට නියෝග ලබා දෙන ආකාරයට ගුරුවරුන්ගේ හිසට පිස්තෝලය තබා උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කිරීමට උත්සාහ කිරීම මරිමෝඩ තකතිරු ක්‍රියාවක් බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.
ගුරුවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දී නොදී නිරවුල් මනසකින් තොරව බලහත්කාරයෙන් උත්තර පත්‍ර ඇගයීම් සඳහා යොදා ගතහොත් එහි අනිටු ඵලය ද ලැබෙනු ඇත්තේ දරුවන්ට බවයි, ඔහු සඳහන් කළේ.
උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් නොකළහොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේපළ රාජසන්තක කිරීමට ජනාධිපතිවරයාට ජනතාව බලයක් ලබා දී නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.
අධ්‍යාපනය ගැන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිදු අවබෝධයක් නොමැති අතර මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ කරමින් උද්දච්ච ලෙස හැසිරුණු ගෝඨාභය රාජපක්ෂට අවසානයේ රටිනුත් පළා යාමට සිදු වූ බව ද මහින්ද ජයසිංහ සඳහන් කළේය.