ත්‍රස්ත ප්‍රහාරය සූදානමක්…! දේවස්ථාන 203කට හමුදා ආරක්ෂාව..! බුර්කාව දැඩි පරික්ෂාවට…!

April 20, 2023 at 11:58 am | by emanisa.lk

මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වන්නේ යයි ලැබුණු තොරතුරක් මත මහනුවර කොට්ඨාසයේ මුස්ලිම් දේවස්ථාන 203කට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.

පෙරේදා රාත්‍රියේ සිට මෙසේ පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව යොදමින් ආරක්ෂාව යොදවා තිබේ.

ඊට අමතරව දේවස්ථාන මූලික කර ගනිමින් විශේෂ පරික්ෂා කිරීම්ද සිදු කරමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

රාමසාන් දින අකුරණ පිහිටි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු නිර්නාමික තොරතුරක් මත මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක ය.

බුර්කා පළඳින කාන්තාවන්ද විශේෂ සෝදිසියකට ලක් කරන කරන අතර හැඳුනුම්පත රැගෙන ඒම ද අනිවාර්ය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කරන්නේ අදාළ තොරතුර තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් තව දුරටත් ප්‍රදේශයේ පුළුල් මෙහෙයුම් දියත් කරමින් ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස