අරගලේ කළේ මානසික රෝගීන් පිරිසක්…! – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

April 19, 2023 at 3:44 pm | by emanisa.lk

අරගලයට විරුද්ධව ඇති ප්‍රමුඛ විවේචනයක් වන්නේ එයට සම්බන්ධ වූවන් මානසික රෝගීන් බවයි. එය බොහෝ දුරට සත්‍යයකි. එසේ වන්නේ පහත සඳහන් තත්වය නිසාය.

ඕනෑම පර්යායක් පවතින්නේ ඊට ආවේණික අසහනයක්ද සමගයි. මානසික වශයෙන් සමතුළිත පිරිස් වන්නේ ඒ පර්යාය තුළ ඇති සහනයන් හා අසහනයකන් සමතුළනය කරගෙන අසහනය ගණන් නොගෙන සහනවලින් ගත හැකි උපරිම ප්‍රයෝජන උකහාගෙන පර්යායට අනුකූලය හැඩ ගැසුනු තත්කාර්යවාදී (Pragmatism) යථාර්ථවාදීන්ය.

සාමාන්‍ය වශයෙන් තත්කාර්යවාදීන් ද පර්යායට අභියෝග කිරීමට ඉඩ ඇතත් ඒ නිෂ්චිත මොහොතක පර්යායේ සමතුලනය තත්කාර්යවාදීන්ගේ අවාසියට හේතුවන ලෙස බිදී ගිය මොහොතක පමණි. උදාහරණ ගෙස පසුගිය අවුරුද්දේ තෙල්-ගෑස්-විදුලි අර්බුදය වැනි අවස්ථා. එවැනි අවස්ථා පසුකල වහාම තත්කාර්යවාදීහු නැවත පර්යාය සමග එක්වෙති.

පර්යායට අභියෝග කිරීම අතිශයින් භයානක ක්‍රියාවකි. (මෙය මගේ අදහසක් නොවන අතර මා රණජිත් ගුහා නමැති චින්තකයාගෙන් උපුටා ගත් අදහසකි.) පර්යාය නැවත ස්ථාපිත වූ කල්හී පර්යායට අභියෝග කළ වුන් ගොදුරු කිරීමට භාජනය වන නිසා පර්යාය ගැන හොදින් දන්නෝ පර්යායාට අභියෝග කිරීමට මැළි වෙති. මේ නිසා පර්යායාට අනුකූලව ජීවත් වීම සාමාන්‍ය තත්වයයි.
අඛණ්ඩ ලෙස පර්යායට අභියෝග කිරීමට නම් යථාර්ථවාදී නොව තත්කාර්යවාදී නොවන මනසක් තිබිය යුතුය. අවාසනාවට ලොකයේ බොහෝ වැදගත් වෙනස්කම් සිදුවී ඇත්තේ තත්කාර්යවාදී ලෙස පර්යායට අනුගත වූවන් නිසා නොව මානසික අසමතුලිතභාවය නිසා (හො කාටත් තේරෙන විදිහට කියනවානම් උමතුව හා මෝඩකම නිසා පර්යායට පිටින් සිතූ හා ක්‍රියාකළ වුන් නිසාය.

වෙනස්කම් හී උත්ප්‍රෙරකයින් (catalyst) වන්නේ මෝඩකම නිසා හෝ උමතුව නිසා පර්යාය සමග තත්කාර්යවාදී ලෙස අනුගත නොවන අය යි. තත්කාර්යවාදීන් යන් අමු අවස්ථාවාදීන්ය.
ප.ලි. මා යථාර්ථවාදී තත්කාර්යවාදියෙක් බව කරුණාවෙන් සලකන්න. මේ සටහන ලියැවෙන්නේ ඒ තත්කාර්යවාදී වීම නිසා ජනිත කරන අසහනයේ ප්‍රතිඵලයක් වන ක්ෂණික උපමතුවක් නිසා පමණි.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස