සිංහල අවුරුද්දෙන් පසුව මේ රට වෙනස්ම තැනකට තල්ලු වෙන්න නියමිත බවත්, පාර්ලිමේන්තුවේදී IMF සම්බන්ධ විවාදයක් තිබෙන බවත් නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් පවසයි.
“අපි මහ බැංකු පනත සම්මත කරගැනීමටත් සූදානම් වෙනවා.ඒ වගේම ත්‍රස්ත පනත ගේන්න නියමිතයි. මේ මස 25 වැනිදායින් පසු මේ කටයුතු ටික සිදු වෙන්න නියමිතයි. නමුත් මේ ආණ්ඩුවට ජන වරමක් නෑ. ප්‍රතිපත්තියක් නෑ වගේම මේ ආණ්ඩුව යුක්තිසහගත නෑ.
ජනතාව මොනවා කිව්වත් ඒ අයට අවශ්‍ය දේ කරමින් සිටිනවා. වික්‍රමසිංහ ජනාධිපති කරලා එයා කැමති දේ කරන්න කියලා පොහොට්ටුවට චන්දේ දීපු මිනිස්සු කියලා නෑ. තමන් කරන දේවල් සාධාරණීකරණය කරන්න තමයි ජාතික ආණ්ඩු හදන්නේ.
කවුරු හරි මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුවට උදව් කරනවා නම් ඒක වැරදියි. වික්‍රමසිංහට අවශ්‍ය බහුතරය දැනටමත් තිබෙනවානේ තවත් ජාතික ආණ්ඩු ඕන නෑ. දැන් එක එක පක්ෂවලින් කෑලි ගන්න හදනවා. ජාතික ආණ්ඩුව කියන්නේ ව්‍යයසනකාරී පාලනයට සීල් එකක් පමණයි.
අපි නම් මේ ජාතික ආණ්ඩුවට සහය දෙන්නේ නෑ. මේ කරන්නේ සුයිසයිඩ් කර ගැනීමක්. අපි ඉල්ලන්නේ මේකට සහය දෙන්න එපා කියලයි. මේ ආණ්ඩුව හිතන්නේ ජනතාව හා රාජ්‍ය සේවා ත්රස්තවාදීන් කියලයි. දැන් ගැසට් එකකුත් ගහලා තිබෙනවා. සමස්ත රාජ්‍ය සේවයම ත්රස්තවාදීන් ලෙස හැදින්වීමට අපි විරුද්ධයි.
අපි IMF එකට යා යුතුවම තිබුණා. නමුත් මේ වෙනස්කිරීම් හා එකඟතා සුදුසු නෑ. මේ තරම් එකඟතා එක්ක දීපු IMF ණයක් ලෝකයේ වෙන නෑ. දැන් මේ අයට ඕන විදියට IMF ලියවිල්ලට අනුව මහ බැංකු පනත් වෙනස් කරනවා. මේක බරපතලයි.
ප්‍රතිත්‍රස්ත පනතත් සුදුසු නැහැ. බරපතළ අර්බුදයක් මේ පනතේ තිබෙනවා. නිර්වචනවල ගැටලු තිබෙනවා. මේකට අදාළ පාර්ශ්ව මැදිහත් විය යුතුයි. අපේ කණ්ඩායමේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ. ජී.එල්.පීරිස් මහතා තවමත් පොදුජන පෙරමුණේ සභාපති තමයි. නමුත් අපේ දේශපාලන වැඩපිළිවෙළ වෙනස් එකක්. ඒ නිසා අපි වෙනම දේශපාලනය කරනවා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන කතාව පුදුමයි. එයාට මතක නෑ මේ අවුරුදු 75 න් වැඩි කාලයක් රට පාලනය කළේ එතුමියයි අම්මයි තාත්තයි කියලා.”