රිලවුන් පණ පිටින් අපනයනය කරන්න අවසර දෙන්නෑ…! – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක..

April 18, 2023 at 3:59 pm | by emanisa.lk

මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (18) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි‍ෙ

“කිසි ම රටක නිදහසේ සතුන් හුවමාරු කරන්නට බැහැ. අපිට වඩා දැඩි නීතිරීති පද්ධතියක් චීන රජයේ තිබෙනවා. මාධ්‍යවල ප්‍රකාශ කරන ආකාරයට සතුන් පණ පිටින් එහෙම යවන ක්‍රමවේදයකට රජය අනුමැතිය ලබා දෙන්නේ නැහැ.

ආණ්ඩු අතරේ එවැනි කිසිදු සාකච්ඡාවක් වෙලා නැහැ. පෞද්ගලික සමාගමක් කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් එවැනි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ පිළිබඳව කමිටුවක් ලෙස සලකා බලාගෙන යන බව සඳහන් කළා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස