මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 220ක් පමණ වැය කිරීමට නියමිතය.
පසුගිය අරගල කාලසීමාව තුළ එම ප්‍රදේශයේ සිදුව තිබූ දේපළ හානිය අලුත්වැඩියා කිරීම සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කර ඇත.
අප්‍රේල් 20න් පසුව මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හා සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදීමට ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා මින් ඉදිරියට එම භූමියේ පැවැත්වීමට අවසර හිමි නොවේ.