පාස්කු ප්‍රහාරයට එරෙහිව යුක්තිය ඉටු කරගැනීම හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි වැඩක් වුවත් ඊට සාධාරණය ඉටුකළ යුතු වගකීම් පැවරී ඇති කණ්ඩායම එය සිදුකරන තුරු මෙම අරගලය සිදුකරන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමි පවසයි.
ඊයේ (17) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී එතුමා මේ බව අවධාරණය කළේය.
එහෙන් මෙහෙන් අතගාලා කාපට් එක යට හංගන්න උත්සහ කරන නමුත් එය එලෙස සිදුවීමට ඉඩ නොදෙන බවයි, කාදිනල්තුමා සඳහන් කළේ.
විශේෂයෙන් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන බවට පොරොන්දු වී බලයට පැමිණි ජනාධිපතිතුමාට ගෙදර යාමට සිදු වූ අතර ප්‍රහාරයෙන් මියගිය 272 ක ජීවිත ගැන තැකීමක් නොකරන්නේ නම් ඒ අයටත් සිදුවන්නේ ඒ දෙයම බව ද කාදිනල්තුමා අවධාරණය කළේය.
වළක්වා ගැනීමට ඉඩ තිබුණු ප්‍රහාරයක් සිදුවීමට ඉඩ හැරීම හේතුවෙන් ඊට යුක්තිය ඉටුවිය යුතු වන බවයි, කාදිනල්තුමා වැඩි දුරටත් පැවසුවේ.