බිස්කට් හදන්න රට හාල් ගෙනා කාලේ ඉවරයි…! අලුත් අවුරුද්දේ අපේ ම කුඹුරින් බිස්කම් හාල්…!

April 16, 2023 at 9:55 am | by emanisa.lk

බිස්කට් නිෂ්පාදනය සඳහා යොදාගත හැකි බී.ජී. 381 නම් නව ‘වී’ ප්‍රභේදයක් බතලගොඩ වී පර්‌යේෂණායතනය විසින් හඳුන්වා දී ඇතැයි එහි අධ්‍යක්ෂ ආචාර්ය ජේ.බී. සේනානායක පවසයි.

කොමේ වර්ගයේ බිස්කට් නිෂ්පාදනය සඳහා මෙම සහල් යොදා ගැනෙන අතර මෙතෙක් කාලයක් කොමේ වර්ගයේ බිස්කට් නිෂ්පාදනයට අවශ්‍ය සහල් ගෙන්වූයේ විදේශවලිනි.

බිස්කට් කර්මාන්ත අංශයට මෙම වී ප්‍රභේදය වඩාත් සාර්ථකව යොදාගත හැකි බවත්, බතලගොඩ වී පර්‌යේෂණායතනය මෙම වී ප්‍රභේදය සොයා ගැනීම ජයග්‍රහණයක් බව ද අධ්‍යක්ෂවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස