ආයේ නම් ඡන්දෙට දින කියන්නේ නෑ…! – මැ.කො.

April 15, 2023 at 9:31 am | by emanisa.lk

ප්‍රතිපාදන ඇතුළු සෙසු පහසුකම් සම්පූර්ණ වනතුරු පලාත් පාලන මැතිවරණය පවත්වන දිනයක් යළි ප්‍රකාශයට පත් නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසයි.

එලෙස දින ප්‍රකාශයට පත් කරමින් දිගින් දිගට ම ඒවා කල් දැමීම නිසා මැතිවරණ ක්‍රියාවලිය විහිළුවක් බවට පත්වන බව ද හෙතෙම පෙන්වා දෙයි.

මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ සෑම බලධාරීයෙකු සමග මේ වන විට සාකච්ඡා කර ඇති බවත් දැන් සාකච්ඡා කිරීමට කිසිවෙකු නොමැති බවත් ඔහු සඳහන් කරයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසන ආකාරයට අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාමට හැර සෙසු කටයුතු සඳහා මුදල් වෙන් නොකිරීමට ආණ්ඩුව තීන්දුවක් ගෙන ඇති බව ද නිමල් පුංචිහේවා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස