රටට බරක් වූ රිලවුන් ලක්ෂ ගණනින් චීනයට…!

April 12, 2023 at 9:46 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මෙරට රිළවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවය.

මෙම ඉල්ලීම අනුව මෙරට රිළවුන් 100,000ක් පළමු අදියර යටතේ ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම ඇමැති සහ අදාළ නිළධාරීන්ගේ සමග ඊයේ (11) දින බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා රිළවා වන අතර ලංකාවේ රිලවුන් ලක්ෂ 30කට ආසන්න පිරිසක් ඇතැයි වාර්තා වෙයි. රිළා ගහනය අවම කරගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇති පසුබිමක මෙම ඉල්ලීම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසයි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රිළවුන්ගෙන් මෙරට වගාවන්ට සිදුවන හානිය දෙස බලනවිට රිළවුන් ලබා ගැනීම සඳහා වෙනත් රටක් ඉදිරිපත්වීම ම සතුටට කාරණයක් බව මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *