ප්‍රතිත්‍රස්ත පනත හකුලාගෙන නොමැති බවත් අධිකරණයේ නිවාඩු කාලය පවතින හෙයින් එම පනත ගෙන ඒම ප්‍රමාද වී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
ජනතාවට ඇහුම්කන් දෙන ප්රජාතන්ත්රවාදී නායකයෙක් සිටින රටක එම ප්රජාතන්ත්රවාදී නායකත්ව ලක්ෂණය මැනවින් පිළිබිඹු කරමින් එම පනත සම්බන්ධයෙන් අවශ්‍ය නම් අධිකරණය හමුවට යාමට වුවද ඉඩ දී තිබෙන බවයි, මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.
ඒ අනුව අධිකරණය,පාර්ලිමේන්තු සහ කමිටු යන අවස්ථා තුනේදීම ප්‍රතිත්‍රස්ත පනතේ යම් වරදක් ඇත්නම් ඒ ගැන කතා කළ හැකි බව ඔහු කියයි.