කිසිදු සේවකයෙකුට මෙම වසරේ බෝනස් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
රුපියල් 30,000ක උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබා දී ඇති අතර, ඒ ලිඛිත ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබානොගත් සේවකයින්ට පමණි.
ඒ මාස 10ක් තුළ එම ණය මුදල පොළියත් සමග මාසික වැටුපෙන් අය කරගැනීමේ කොන්දේසිය මත බව ද නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙයි.