සරසවියෙන් නවක වධය තුරන් කළ උපකුලපති එළවන්න ජවිපෙ කුමන්ත්‍රණයක…!

April 3, 2023 at 8:47 am | by emanisa.lk

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් තමන් උපකුලපති තනතුරින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ක්‍රියාත්මක කරන පසුබිමක රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා අද (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා,

“අවුරුදු 4ක්ම නවක වදයෙන් තොරවූ විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා තියෙනවා. අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පසුගිය වසර හතර පුරාම මාව ඉවත් කරන්න කියලා උද්ඝෝෂණය කළා. මට එකේ අලුත් දෙයක් දැනෙන්නේ නෑ. පුදුමයි ඔවුන් තාම මාව ඝාතනය කිරීමට උත්සහ නොකිරීම ගැන.

අලුතින් ගොඩ නැගුණු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් අලුත් ඉල්ලීමක්. ඔවුන් පටන් ගත්තේ බදු පිළිබඳ උඝෝෂණය කිරීමෙන්, පසුගිය ජනවාරි මාසේ. නමුත් පස්සේ ඇතිවු සිද්ධියකින් පසුව මේ සම්පූර්ණ ව්‍යාපාරය මා වෙතට හැරෙව්වා. මට චෝදනා එල්ලා කළා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්ගේ කාමරයට විෂ වායුවක් එල්ල කිරීමෙන් ඔහුව ඝාතනය කිරීමට උත්සහ කළා කියලා. මම ඒ චෝදනවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

ඒ එක්කම ජාතික ජනබලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට ඊළඟ පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය දෙන්නට කියලා ඉල්ලා සිටින මාධ්‍ය සාකච්ඡා මේ ආචාර්ය සංගමයේ සාමාජිකයයින්ම කරනවා. ඔවුන් එ්ක ආචාර්ය සංගමය හැටියට කරන්නේ නෑ. නමුත් පුද්ගලයෝ හැටියට මේක කරනවා. හිතනවා ඔවුන් මේ ඉල්ලන්නේම ජාතික ජන බලවේගයේ එක අරමුණක් වෙනුවෙන් මාව ඉවත්කළ යුතුයි කියන එක කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස